2024 වසරේදී ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ අප මිතුරන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ ජල සාටිකා ධාතූන් වහන්සේ තැම්පත් එගොඩ කැළණිය සෑ රජුන් වහන්සේ අභියසදී මහානීය පිංකම් මාලාවක් සංවිධානය කෙරුණි. දිවයින පුරා ඇති නැවුම්, සුපිරිසිඳු ජල උල්පත්, ජල මූලාශ්‍ර වලින් රැගෙන එන පැන් භාග්‍යවතුන් වහන්සේ ප්රමුඛ තුන්කල් පහල වන්නා වූ ආර්ය මහා සංඝරත්නය අරමුණු කරමින් පූජා කරන ලදි.
බද්දේගම නාගස්කන්ද උල්පත
හන්තාන උල්පත්
පැලවත්ත කලුදොළ උල්පත
කලුගල රක්ශිතය උල්පත්
ඉහළ හෙවෙස්ස ගල්දෙණිය ඇල්ල
පිටුවල අඬාහැළෙන ඇල්ල
දෙණියාය ඇතාමල ඇල්ල-
නෙළුව දූවිලි ඇල්ල
තලංගල්ල කිතොල්දොළ ඇල්ල
ශ්‍රී පාද කන්ද – සීත ගඟුල
කිණිතුලාගල උණුදිය ඇල්ල
පාහියංගල උල්පත
කයිකාවල උල්පත
කිලිනොච්චි උල්පත්
මීමුරේ උල්පත්
පොතුකොළදෙණිය ජල බුබුළ – ශ්‍රී පාද අඩවිය
අම්පාර උල්පත්
වව්නියාව උල්පත්
පොළොන්නරුව උල්පත්
බෝපත් ඇල්ල
නාරංගල උල්පත්
රාවණා ඇල්ල
යාපනය ළිං
බලංගොඩ උල්පත්
හුළු ගඟ ඇල්ල
තලිය වැටුණු ඇල්ල
ලෙබනන් ඇල්ල
රහස් ඇල්ල
සාරි ඇල්ල
ගෝමරය උල්පත
ගල්පිහිල්ල උල්පත
හාතලේ උල්පත
බඹරැල්ල
මඩොල්කැලේ හාගල්ල උල්පත
නාච්චිමලේ
පරෙයිතොට
මදුනාගල උණුදිය උල්පත්
සිංහරාජ රක්ශිතය – සූරියකන්ද
මතුගල බිමන්හල උල්පත
අගලවත්ත ගලේවත්ත උල්පත
මතුගම ගුරුදල උල්පත
උඩුදුම්බර උල්පත්
පන්නිල කුඹුකේ උල්පත
ගල්ලෙන පීල්ල උල්පත
වෑකුඹුරහේන උල්පත
වැරෑවතුර උල්පත
මුලතිව් උල්පත
පුදුකුඩීඉරුප්පු උල්පත
කුරුඳු ඔය ඇල්ල
ආදී මෙවැනි මූලාශ්‍ර වලින් පැන් ලබා ගැනීම සිදු කෙරිණ. මේ ආකාරයෙන් පොළොවෙන් මතු වන ජල උල්පත් සොයමින්, අප මිතුරන් දිය ඇලි, කඳු ශිකර තරණය කරමින් එකතු කරගත් සුපිරිසිඳු පැන් පවා නැවත කිහිපවරක් පෙරා විශේෂයෙන් සකස් කල පාත්‍රා වලට පිළිගන්වා ඒවා ලබාගත් ස්ථානයක් සටහන් කර සුවඳ දෝලා, ශබ්ධ පූජා, පෙරටුකොට ගනිමින් පැන් පූජාවන් සමඟ අශ්ඨපාන, චතුමධුර, සුවඳ මල්, කංචුක ආදී අනේකවිධ පූජාවන් මහේශාක්‍ය පෙරහැරකින් සෑ රජුන් අභියසට වඩම්මවා ජීවමාන සංඤාවෙන් යුතුව අප මහා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු තුන්කල් පහල වන ආර්යය මහා සංඝරත්නය අරමුණු කර පූජා කරන ලදි. මේ සියලු පුණ්‍ය ධර්මයෝ ඔබ ඔබගේ දෑතින්ම කලාක් මෙන් සිතා සතුටින් අනුමෝදන් වෙත්වා! ![]()
එගොඩ කැලණි විහාරයේ විහාරාධිකාරී අති පූජනීය අඹේපුස්සේ අමරජොති ස්වාමීන් වහන්සේ, ධර්ම දේශනාව සඳහා වැඩම කල අතිපූජනීය අංකුඹුරේ අමිතදීප ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටද , මෙදින සිදුකල මේ පිංකම් මාලාව සඳහාම මූල්‍යමය දායකත්වය දැරූ නම් සඳහන් කළ නොහැකි තරම් සම්බන්ධ වූ සියලු පිරිසට ද, පැන් සොයාගැනීමට බොහෝ වෙහෙස වූ සේම මේ පිංකම වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කල සසුන් කෙත අස්වද්දමු පිංවත් කළණ මිතුරන් සියලුදෙනාට ද, දැක බලා අනුමෝදන් වන අප ඔබ සැමටද මේ උතුම් පින ඒකාන්තයෙන්ම නිවන් පිණිසම උපකාර වේවා!
තෙරුවන් සරණයි!
